Video Sources 734 Views

  • Watch trailer
Secret Magic Control Agency (2021) Sinhala Subtitles

Secret Magic Control Agency (2021) Sinhala Subtitles

Mar. 18, 2021Russia104 Min.TV-Y7
Your rating: 10
10 1 vote

Synopsis

(Secret Magic Control Agency (2021) Sinhala Sub)

සහෝදරිය හිතන් ඉන්නවා තමන් ඉගෙනගෙන ශිශ්‍යත්වයක් දිනලා තමයි දැන් මේ ඉන්න තැනට ආවේ කියලා. ඒත් එයා දන්නේ නෑ තමන්ගේ සහෝදරයා තමයි ඒ විදිහට දැනෙන්න සලස්වලා එයාට ඉගෙනගන්න ඕනේ දේවල් සැපයුවේ කියලා. එයා එහෙම කරෙ එයාගේ අධ්‍යාපනය කැපකරගෙන කියලත් දන්නේ නෑ. ඒත් එහෙම තමයි. ඒක තමයි බැදීම කියන්නේ! ඉතින් අපි මෙච්චරකල් දැකපු හැන්සල් සහ ග්‍රේටල් කතාව අලුත් විදිහකින් බලන්න සහ ඇනිමේශන් ලෝකෙට පිවිසෙන්න ඔයාලා හැමෝටම ආරාධනය කරනවා. ඉතින් ආඩම්බරයෙන් කියනවා සිනෙරූ එකට ඇවිල්ලා තාම අවුරුද්දක්වත් නැතුව ඔන්න මම අපේ අඩවියේ ද්විත්ව ශතකයක් ගහපු පළවෙනි කෙනා උනා. ඔව් ඒ කියන්නේ මේ මගේ 200වෙනි උපසිරැසිය! ගොඩක් ප්‍රශ්න එක්ක, ගොඩක් අමාරුවෙන් වගේම ගොඩක් සතුටින් ආව ගමනක් මේක. මගේ පළැවෙනි සබ පලවුනේ 19-04-2020 අවුරුද්දේ. ඒ ශර්ලොක් හෝම්ස් මහත්තයාගේ කතාවක්. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒ නිසා ඔහොම ඔහොම ඉදිරියට ආවා.

 

සමහර තැන්වල අධිවේගෙන් සබ් ගැහුවා. සමහරතැන්වල පරක්කුවෙලා හොඳටම බැනුම් ඇහුවා. ඒත් ඒ ඔක්කොම මැදින් මට මේ ගමන එන්න ලැබුබේ කීපදෙනෙක් නිසයි. *සදහම් මගේ පුතා – මෙයා නැත්නම් මම තාමත් පිස්සු කෙලින නිකන් පුහු මනුස්සයෙක්. මගේ සදහම් පුතා නිසයි මේ වගේ දේකට යොමු උනේ. *මගේ ආදරණීය බිරිඳ ලක්ෂ්මී – මෙයා තමයි ඉතින් වචනයක්වත් නොකියා මේකට ලොකුම සහයෝගේ දුන්නෙ. තේ හදන් එනවා. කන්න බොන්න ගේනවා. නින්ද ගියාම ඇහැරවනවා. ඉතින් ඒ හයිය නැතුව මම නිකන්ම නිකන් හාල්පාරුවෙක් වගේ ඉන්න තිබ්බා. මේ දෙන්න තමයි මගේ ජීවිතේ වැදගත්ම දෙන්නා. හරි ඔන්න ඊලඟ කෙනා, අපේ බොස් සමිත මල්ලී – මම යවපු පලැවෙනි ඊමේල් එකේ ඉඳලා අද වෙනකන් අහන හැම දේකටම බෑ නොකියා උදව් කරපු හිත හොඳ ලොක්කා තමයි සමිතේ මල්ලී. පුදුමාකාර විදිහට අපි ගැන හොයලා බලන ලොක්කෙක් තමයි. අනික හොඳම ෆිල්ම්, සීරීස් අපිට හොයලා බලෙන් ඇඟේ ගහනවා. අන්න එහෙමයි එයා. ස්තූතියි සමිතේ මල්ලී. ඊලඟට අපේ චානක තිලංක, මේ මනුස්සයා නම් අමුතුම විකාර කාරයෙක්. වෙලාවකට හොයන් ඇවිත් උදව් කරනවා. වෙලාවකට අපි මැසේජ් එකක් දැම්මත් රිප්ලයි නෑ. සමහර ඒවට රිලයි එන්නේ මාස තුනකට විතර පස්සේ. එත් උදව්වක් ඉලුවොත් ඇලඩින්ගේ භූතයා වගේ මෙන්න මේ යකා ඇවිල්ලා! ස්තූතියි හිත හොඳ සහෝදරයා. ආ මං කරපු සෑහෙන වැරදි වැඩ ගොඩකින් මාව අයින් කරගත්තෙත් චානා ම තමයි. ඊලඟට අංජුල මල්ලී, අශේන් මල්ලී, ශෙහාන් මල්ලී, පසිඳුවා මල්ලී, මධුවා මල්ලී, පීටර් අයියා වගේම සයිට් එකේ සියලුම උපසිරැසිකරුවන්ටත් ස්තූතියි සහයෝගේ මදි නොකියන්න දෙනවට.

ඊලඟ සෙට් එක තමයි අපේ වැදගත්ම සෙට් එක. මුලින්ම මේ ෆිල්ම් එක පවා තෝරලා දුන්න හශාන් එම් ප්‍රියදර්ශන (යකෝ මූත් දර්ශනයෙක් නොවැ) මල්ලිට ගොඩක් ස්තුතියි. මගේ පළැවෙනි සබේ ඉඳන්ම මේ වෙනකල් හැම එකකටම කමෙන්ටුවල් කිව්ව කොල්ලෙක් තමයි මේ. ඉතින් මල්ලී ස්තූතියි. ඒ වගේම අපේ සයිට් එකේ කමෙන්ටුවක් ලියන සියලුම මගේ ආදරණීය රසික පිරිසට ? මේං වැන්දා ජය ලැබෙන්න අත් බැඳලා. එතන ඉන්නවා ලොකු පිරිසක්. නම් වශයෙන් නොලිව්වට ඒ හැමෝටම මම කමෙන්ට්වලට අනිවා රිප්ලයි ලියනවා. ඒ නිසා ඒ හැමෝටම ගොඩක් පිං. ඒ වගේම අපෙන් සබ අරගෙන නිකන්ම යන අයටත් ස්තූතියි සයිට් එකට එනවට සහ බානවට. හරිනේ අම්තක උන කවුරුහරි ඉන්නවා නම් ඉතින් සෑහෙන්න සමාවෙන්න ඕනේ ඈ! ඔයාලගෙන් අදත් ඉතින් වෙනදා වගේම ඉල්ලන්නේ අපි නිදි මරන්, ගෑස්ට්‍රයිටීස් වැඩිකරගෙන මේ දෙන සබක් ගද්දී කමෙන්ට් එකක් ලියලා යන්න. හරි ලේසියි, රෙජිස්ටර් වීම් ඕනේ නෑ.

පණිවිඩේ ගැහුවා, නම ගැහුවා, ඊමේල් එක ගැහුවා, සබ්මිට් දුන්නාම හරි. හරි නේ අදවත් ලියන්න එහෙනම්. අර කලින් කිව්වා වගේම ආඩම්බරෙන් තමයි ඉන්නේ පලවෙනි ද්විත්ව ශතක ලාභියා උන එක ගැන. ඒ වගේම මම 19 වෙනිදට “ද එක්ස්පන්ස්” කතා මාලාවේ අවසාන එපිය දෙන්නම්. ඊලඟට එක දිගටම “සාලෙම්” එකත් දෙන්නම්. පරණ සීරීස් ඉවර උනාට අලුත් ඒවා පටන් ගන්න නම් හිතලා නෑ. බලමුකෝ. එපි 2ක් 3ක්වත් එකපාර දෙන්න ඕනේ ආයේ සීරීස් සබ් දෙනකොට. ඉතින් මතකයිනේ එහෙනම්, වටේ නොයා එන්න සිනෙරූ එකට. ඔයාලා හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියලා ප්‍රාර්තනා කරනවා. 

Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Original title Ганзель, Гретель и Агентство Магии
IMDb Rating 6.2 4,414 votes
TMDb Rating 7.159 273 votes

Director

Cast

Valery Smekalov isHanzel (voice)
Hanzel (voice)
Irina Obrezkova isGretel (voice)
Gretel (voice)
Alexey Makretsky isKing (voice)
King (voice)
Regina Shchukina isStepmother (voice)
Stepmother (voice)
Kseniya Brzhezovskaya isIlvira (voice)
Ilvira (voice)
Yuliya Zorkina isBaba Yaga (voice)
Baba Yaga (voice)

Similar titles

Gully Rowdy (2021) Sinhala Subtitles
F3 Fun and Frustation (2022) Sinhala Subtitles
The Little Mermaid (2023) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Slumberland
Hero (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published