Video Sources 199 Views

  • Watch trailer
18 Pages (2022) Sinhala Subtitles

18 Pages (2022) Sinhala Subtitles

Dec. 23, 2022India137 Min.Not Rated
Your rating: 7
7 1 vote

Synopsis

(18 Pages (2022) Sinhala Subtitle) (18 Pages (2022) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අදත් මම ආවෙ මීට පැය කීපයකට පෙර ඔර්ජිනල් පිටපත් නිකුත් වුනු  අලුත්ම තෙලිඟු ෆිල්ම් එකකට සබ් අරගෙන.

ෆිල්ම් එක තමයි 18 Pages.මේක අද Netflix සහ Aha Video කියන ප්ලැට්ෆෝම් දෙක හරහාම නිකුත් කෙරුනා.ෆිල්ම් එක නිකුත් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 වෙනිදා.ඉතින් මම කලින් සබ් එක ගෙනාව Dhamaka ෆිල්ම් එකයි මේකයි එකටම තමා රිලීස් උනේ.ඉතින් මේ ෆිල්ම් එකත් සාර්ථකව තිරගත වුනා වගේ හොඳ ප්‍රතිචාර ලැබුනා.ඉන්දියානු රුපියල් කෝටි 16 ක වියදමකින් නිෂ්පාදන කෙරුනු මේ ෆිල්ම් එකට ඉන්දියානු රුපියල් කෝටි 25 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න හැකි වුනා.Current , Kumari 21f වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කල වගේම Pushpa : The Rise හි තිරපිටපත ලිව්ව Palnati Surya ගේ අධ්‍යක්ෂණයක් තමයි මේ ෆිල්ම් එක.ඉතින් සුවිශේෂී කරනු වෙන්නේ ජනප්‍රිය තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂක Sukumar තමයි මේ කතාව ලියල තියෙන්නෙ.කලින් එහෙම සුකුමාර් ලියපු Uppena චිත්‍රපටයත් හැමෝම ආදරයෙන් වැලඳගත්තා ඔයාලට මතක ඇති.ඉතින් මේ ෆිල්ම් එකේ සංගීතය සපයන්නෙ Gopi Sundar විසින්.GA2 Pictures බැනරය යටතේ තමා නිෂ්පාදනය සිද්ද වෙන්නේ.

ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නෙ Nikhil Siddartha විසින්.ප්‍රධාන නිලිය වෙන්නෙ හුරුබුහුටි Anupama Parameshwaran.ඉතින් මේ දෙන්න Karthikeya 2 ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිත නිරූපණය කලා ඒ වගේම අතිසාර්ථක ෆිල්ම් එකක් වුනා ඒකත්.ඒ වගේම බොහෝ දෙනෙක් දකින්න ආස විදියට තමා අනූපමා මේ ෆිල්ම් එකේ යොදාගෙන තියෙන්නෙ.

ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් මතක් කලොත්.සිද්දු කියන්නෙ කොයිවෙලෙත් ෆෝන් එකේම එල්ලිලා ඉන්න තාක්ෂණය එක්කම ගැටෙමින් ඉන්න කෙනෙක්.වෙනම ෆ්ලැට් එකක තමා මෙයා ඉන්නෙ ගෙදරින් පිටවෙලා.ඉතින් ඔය අතරේ මෙයා ගොඩක් ආදරේ කරන එයාගෙ පෙම්වතිය මෙයාට වංචා කරනවා.ඒකෙන් මෙයා ගොඩක් අප්සට් යනවා.එතනින් තමා මෙයාගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න ගන්නෙ.හැබැයි ඒ වෙනසට හේතුව එක ඩයිරියක්.

ඉතින් ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා දැනගන්න ඔයාලට හෝරා දෙකක් පුරාවට මේ ෆිල්ම් එක රසවිඳින්න වෙනවා..අපූරු ගීත කීපයකුත් තියෙනව ඒවටත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ස්කිප් නොකරම බලන්න කියල ඉල්ලනවා.

ආදරේ කරන්න හේතුවක් තියෙන්න හොඳ නෑ…
මොකටද ආදරේ කරන්නෙ කියල ඇහුවම..
උත්තරයක් තියෙන්න හොඳ නෑ…

ගිහින් එන්නම් එහෙනම්..
ඔබට ජය !

18 Pages (2022) Sinhala Subtitles
18 Pages (2022) Sinhala Subtitles
18 Pages (2022) Sinhala Subtitles
18 Pages (2022) Sinhala Subtitles
18 Pages (2022) Sinhala Subtitles
18 Pages (2022) Sinhala Subtitles
Original title 18 పేజెస్
IMDb Rating 7.1 2,343 votes
TMDb Rating 6.5 5 votes

Similar titles

Sita Ramam (2022) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Good Luck Sakhi (2022) Sinhala Subtitles
Kanabadutaledu (2021) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published